මේ ත්‍රෙඩ් එක දාන්න විශේෂ හේතුවකුත් තියෙනවා. ඒ තමයි මගේ යූ ටියුබ්
පාර්ට්නර් එකවුන්ට් එකේ පලවෙනි ඩොලර් 100 සම්පූර්ණ උණු එක. මම වෙබ් සයිට්
කරන ගමන් අමතරව තමයි මේක පටන් ගත්තේ. ඔය පහල තියෙන්නෙ ස්ටැට් පේජ් එකේ
ස්ක්‍රීන් ශොට් එකක්. ඒක දැක්ක ගමන් ඕනෙ කෙනෙකුට පේනවා මගේ එකවුන්ට් එකේ
ප්රොග්රස් එක අප්වර්ඩ් ට්‍රෙන්ඩින් කියලා. ඒ කියන්නෙ දවසින් දවස ආදායම
වැඩි වෙන පැත්තට් තමයි යන්නෙ.
This image has been resized to fit in the page. Click to enlarge.
මම ආයෙ ඊ මනී ගැන ත්‍රෙඩ් දාන්නෙ නෑ කියල තමයි හිතගෙන හිටියෙ. මොකද කලින් එලකිරියෙ ෆිවර් ගැන ත්‍රෙඩ් දාල සමහරු මට අනවශ්‍ය ප්‍රශ්න ඇතිකරන්න හදපු නිසා.
කොහොමහරි මගේ සතුටට මේ ත්‍රෙඩ් එක දැම්මත් මේ සැරේ අනිත් අයට උදවු කරන්නෙනම් ඉතාම සීමාසහිත විදිහට තමයි. දැනගන්න තියෙන ඕනෙම දෙයක් අහන්න පුලුවන්. හැබයි මේ දේවල් අහන්න එපා.
1. මගේ චැනල් එකේ නම
2. මම දාන වීඩියෝ මොනවද කියන එක
3. මගේ මාසික ඇඩ්සෙන්ස් ආදායම ඉලක්කම් හතරක එකක්. ඒකෙ ගාන කීයද කියලත් අහන්න එපා.
ඔය ටික ඇරුණම වෙන ඕනෙම ප්‍රශ්නයකට මට උදවු කරන්න පුලුවන්. මම කොහොමත් මොන දේ කලත් ඒ ගැන ගොඩක් විස්තර / තොරතුරු හොයලා තමයි පටන් ගන්නෙ' ඒක නිසා අලුතින් වැඩේට අත ගහන ඕනෙම කෙනෙක්ට උවමනා කරන හැම තොරතුරක්ම වගේ මගේ ගාව තියෙනවා. හැබැයි මගෙන් දියුණු වෙන්න හොර පාරවල් / කෙටි ක්‍රම වගේ දේවල් බලාපොරොත්තු වෙන්නත් එපා. එහෙම දෙයක් දැනගෙන හිටියත් මම කියල දෙන්නෙ නෑ. මහන්සිවෙලා ගොඩ යන ට්‍රයි කරන අයට පුලුවන් හැම උදව්වක්ම කරනවා.හැමෝටම ජය.
පටන් ගන්න හොදම තන තමයි ඔතන. පටන් ගන්න කලින්ම හිතන්න ඕනෙ තමන්ගෙ චැනල් එකේ දාන්නෙ මොනවද කියන එක. ගොඩක් අය කරන්නෙ වඩේ පටන් අරන් තමයි හිතන්නෙ දාන්නෙ මොනාද කියලා. මෙන්න මේ වගෙ කරුණු සැලකිල්ලට ගන්නවනම් හොදයි කියල මට හිතෙන්නෙ.
1. තමන් තෝර ගන්න මාතෘකාවට අදාල වීඩියෝ තමන්ට හදාගන්න පුලුවන්ද කියන එක. අඩුම තරමේ විඩියෝ හොයගන්නෙ කොහොමද කියන එක ගැන හරි පැහැදිලි අදහසක් තියෙන්න ඕනෙ.
2. අනිත් එක අපි තෝරගන්න මාතෘකාව ගැන වීඩියෝ නරඹන අයගේ උනන්දුව කොහොමද කියන එක ගැනත් හොයලා බලන්න ඕනෙ. මොකද කවුරුත් උනන්දු නැති දෙයක් ගැන කොච්චර හොද / වටිනා වීඩියෝ හදලා දැම්මත් වැඩක් වෙන්නෙ නෑ.
3. ඔක්කොටම කලින් මතක තියා ගන්නෙ ඕනෙ අපි මේක කරන්නෙ සල්ලි හොයන්න. ඒ නිසා අපි තෝර ගන්න මාතෘකාවට අදාල දැන්වීම් වලට ගෙවන ගාන ගැනත් පොඩ්ඩක් බැලුවොත් හොදයි.
4. අපි තෝර ගන්න ගන්න මාතෘකාව ගැන දිගටම වීඩියෝ හදන්න පුලුවන්ද කියලත් හොයල බලන්න. නත්නම් වීඩියෝ 2 - 3 ක් දැම්මට පස්සෙ චැනල් එක නවත්තන්න වෙයි.
5. පුලුවන් තරම් තමන්ගෙම වීඩියෝ දාන්න බලන්න. කොපි කිරීම නම් කොහොමටවත් අනුමත කරන්නෙ නෑ.
මේ ත්‍රෙඩ් එක ඉස්සරහට ගියොත් චැනල් එකක් පටන් ගන්න හොද මාතෘකා මොනවඩ කියන දෙවල් ගැනත් කතා කරමු.
හැමදේම දාන්න ගියොත් අපිට subscribe වෙන ප්‍රමාණය අඩු වෙයි කියල තමයි හිතෙන්නෙ. එහෙම උනොත් Returning visits ගනත් අඩු වෙනවා. subscriber කෙනෙක් කියන්නෙ Asset එකක්. එක හරියට ශොප් එකකට Customer කෙනෙක් වගේ තමයි. උදාහරනයක් විදිහට අපි Android ගැන චැනල් එකක් කලොත් ඒකට අනිවාර්යයෙන්ම Android වලට කැමති අය subscribe වෙනවා. හැමදේම තියෙන චැනල් එකකට එහෙම වෙන්න තියෙන ඉඩ කඩ අඩුයි. මොකද එයාල දන්නවා තමන්ට උවමනා කරන විඩිහෙ වීඩියෝ එකක් මේ චැනල් එකට වැටෙන්නෙ කලාතුරකින් කියලා.
හැබැයි ඔය දේ හොද විදිහට පාවිච්චි කරන්නත් පුලුවන්. ටිකක් Broad Niche එකක් තෝර ගන්න. එතකොට දාන පුලුවන් වීඩියෝ ප්‍රමානය වැඩි. උදාහරණයක් විදිහට Android වෙනුවට Mobile Phones ඔක්කොටම අදාල වෙන මාතෘකාවක් තෝඅර ගන්න පුලුවන්.
නිතරම Online Market කරන්න පුලුවන් දේවල් තෝර ගන්න. මොකද සමහර දේවල් වල Real World එකෙ කොච්චර Value එක තිබුනත් Online Value එක අඩුයි. උදාහරනයක් විදිහට Construction සහ Programming කියන Niche දෙක ගත්තොත්. ඔය දෙකම Real World එකේදි එකම විදිහට සල්ලි හොයන්න පුලුවන් දේවල් දෙකක්. ඒත් Online ගැන විතරක් බලනකොට Construction industry එක Market කරන්න ටිකක් අමරුයි. ඊට වඩා හොද Online Market එකක් තියෙනවා Programming වලට. ඒක නිස Niche එක තෝර ගන්නකොට ඒ ගැනත් පොඩ්ඩක් හිතන්න ඕනෙ






මම A/L ජෛවපද්ධති තාක්ෂණවේදය හා කෘෂි විද්‍යාව උගන්නන ගුරුවරයෙක් මම තාක්ෂණවේදයට අදාළ පාඩම් වලට VEDIO & ANIMATION හඳලා තියනවා හදමින් පවතිනවා මට මට YOU TUBE CHANEL ඒකක් හදන විදියත් එකේන් සලිල් හොයන විදියත් කියලා දෙනවද ලොකු උදව්වක්....
ReplyDeleteYoutube chanel ekak hadanna udu karanna puluwanda loku ida ekak thiyanawa
ReplyDelete